කැළණි ගඟ ආසන්නයේ ජීවත්වන ජනතාව කඩිනමින් අදාළ ස්ථාන වලින් ඉවත් විය යුතු බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් දැනුම්දී තිබේ.
කැළණි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන බැවින් පසුගිය වසරේ තත්ත්වයට සමාන අයුරින් මේ වසරේ ද ජල මට්ටම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඇතැම් විට මෙම ගංවතුර තත්ත්වය පසුගිය වසරටත් වඩා දරුණු තත්ත්වයක් විය හැකි බව වාර්තා වෙයි.
අද (26) සවස 3 වනවිට පවුල් 2000ක් පමණ කැළණි ගං මිටියාවතෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව කැළණි ගඟ අසබඩ කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව, සීතාවක, හෝමාගම සහ කඩුවෙල හා ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය, වත්තල හා බියගම යන ප්‍රදේශවල ජීවත්වන ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් විය යුතු බව ද කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ජනතාවට දැනුම්දී තිබේ.

No comments:
Post a Comment