දිවයින හරහා නිරිතදිග මෝසම් කාලගුණය ස්ථාපිත වී ඇති හෙයින් දිවයිනේ නිරිතදිග කොටසේ වැසි හා සුළං තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (26) පස්වරු 4.00ට නිකුත් කළ විශේෂ කාලගුණ නිවේදනයට අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ වැසි හූ ගිගිරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බවයි. ඇතැම් ස්ථානවල මිලි මීටර 150 ඉක්මවූ ඉතා තද වැසි බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ සඳහන්ය.
අනෙක් පළාත්වලට (විශේෂයෙන් ඌව හා නැගෙනහිර) තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයින වටා විටින් විට හමන පැයට කිලෝ මීටර් 50-60 දක්වා තරමක් තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. මේ අතර වාර්මාර්ග අධ්‍යක්ෂක සමන් බණ්ඩාර පලුගස්වැව මහතා පැවසූයේ ඉදිරි දින දෙකක කාලයේදීත් අඛණ්ඩව වර්ෂාව ලදහොත් වාරිමාර්ග ජලාශවලද වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇති බවයි.
අධික වර්ෂාපතනය හේතුවෙන් කැලණි ගඟ ඉස්මත්තේ පිහිටි මාවුස්සා කැලේ, වටදොර, ලක්ෂපාන යන ජලාශවලත් කැන්යොන්, කුකුළේ ගඟ සහ යන ජලාශවලත් වාන් දොරටු අද (26) දහවල් වනවිට විවෘත කර තිබිණි. නිරිත දිග මෝසම් තත්ත්වයෙන් වාරිමාර්ග ජලාශවලට වැඩි බලපෑමක් නොවන බව පවසන පලුගස්වැව මහතා පසුගිය දින කිහිපයේ පැවැති වර්ෂාවෙන් සැලකිය යුතු බලපෑමක් නොවූ බව ද පැවසී ය.
කෙසේ නමුත් ඉදිරි දින දෙකක කාලයේදී අඛණ්ඩව වර්ෂාපතනය ලැබුණහොත් වාරිමාර්ග ජලාශවල ද වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇතැයි පලුගස්වැව මහතා කියයි

No comments:
Post a Comment