හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ ගොඩනැගිල්ලක් තුළ අද (23) පස්රුවේ සිදු වූ වෙඩි තැබීමට කලක සිට පැවති ආරවුලක් හේතු වී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
රත්ගම හිටපු ප‍්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් සහ පාතාල සාමාජිකයෙකු වන පොඩි ලැසීගේ කල්ලි අතර මෙම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ. අද පස්වරුවේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස ඝාතනය කර ඇත්තේ 26 හැවිරිදි සහ 34 හැවිරිදි වියේ පසුවූ දොඩම්දූව ප‍්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක්. පොලිසිය සඳහන් කළේ ටී 56 ගිනි අවියක් උපයෝගී කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මුහුණු ආවරණය කර ගනිමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවද පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.
මීට වසරකට පමණ පෙර හික්කඩුව - බද්දේගම මාර්ගයේ පතන ප්‍රදේශයේ වාහන අලුත් වැඩියා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබෙන අතර ඔහුට වෙඩි තබන ලද T56 ගිනි අවිය හමු වී ඇත්තේ අද වෙඩි ප්‍රහාරයට ලක් වූ දෙදෙනාගෙන් එක් අයෙකු සතුව තිබී බවද මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
Wednesday, May 24, 2017
හික්කඩුවේ වෙඩි තැබීම පාතාලේ පළිගැනීමක් බවට සැකයක්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)







No comments:
Post a Comment