ගීතාගේ නඩු තීන්දුවටත් පෙර ප්‍රබල දේශපාලනඥයෙක් ගාල්ලේ රතිඤ්ඤා බෙදලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 3, 2017

ගීතාගේ නඩු තීන්දුවටත් පෙර ප්‍රබල දේශපාලනඥයෙක් ගාල්ලේ රතිඤ්ඤා බෙදලා

තමා මන්ත්‍රී ධුරයට අදාල නඩු තීන්දුව අද ලැබීමටත් පෙර ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු ඊයේ දිනයේදී ප්‍රදේශයේ ජනතාවට රතිඤ්ඤා බෙදා දී තිබු බව ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

නඩු තීන්දුවට ගරු කරමින් ඉහළ උසාවියක පිහිට පැතීමට බලාපොරොත්තු වන බවයි
කළ විමසීමකදී ඇය වැඩිදුරටත් කියා සිටියේ. තමාගේ මන්ත්‍රී ධුරය අහිමි වීම පිළිබඳව සතුටින් සිටින එම පුද්ගලයා තමාට එරෙහිව අදාල නඩුව ගොනුකළ පුද්ගලයන්ගේ පාර්ශවයේ නීතීඥවරයාට රුපියල් ලක්ෂ 15 ක පමණ මුදලක් ගෙවා ඇතැයිද ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරනවා.

තමාට මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු බවට අභියාචනාධිකරණය අද තීන්දු කළායින් පසුව අදාල පුද්ගලයා දැඩි සතුටට පත්වී ඇතැයිද ඇය කියා සිටියා. යම් ආකාරයකින් ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහිමි වුවහොත් පසුගිය මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඊළඟට සිටින අපේක්ෂකයාට අදාල මන්ත්‍රී ධුරය හිමි වනවා. එසේ වුවහොත් එම මන්ත්‍රී ධුරය ලබා දෙන්නේ කාටදැයි අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින පියසේන ගමගේ මහතාට එම මන්ත්‍රී ධුරය හිමිවන බවයි.
පියසේන ගමගේ මහතාටද කතා කළා. ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලැයිස්තුව තුළ සිටන කිසියම් මන්ත්‍රීවරයෙකු හෝ මත්ත්‍රීවරියක වියෝවුවහොත්, ඉල්ලා අස්වුවහෝත්, මන්ත්‍රී ධුරය අහිමිවුවහොත් හෝ අධිකරණයකින් වරදකරු වී මන්ත්‍රී ධුරය අහෝසි වුවහොත් එම තැනට ලැයිස්තුවේ සිටින ඊළඟට වැඩිම මනාප ගත් පුද්ගලයා තේරී පත් වීම සාමාන්‍ය සිදුවීමක් බවයි.

එය කිසිවෙකුගේ හෝ බලපෑමෙන් සිදුනොවන්නක් බවයි පියසේන ගමගේ මහතා
වෙත වැඩිදුරටත් කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad