හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාවට සිටි 42ක් මාරු කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 3, 2017

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාවට සිටි 42ක් මාරු කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ජනාධිපති විශේෂ ආරක්ෂක නිලධාරීන් හතළිස් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකු බණ්ඩාර මහතාගෙන් විමසීමක් කළ අතර ඔහුද එය අනුමත කර සිටියා. අදාළ නිලධාරීන් හතළිස් දෙදෙනා සේවා අවශ්‍යතා මත දක්වමින් වහාම අද (30) රාත්‍රී 9 වන විට මූලස්ථානය වෙත රපෝර්තු කළ යුතු බවට නියෝග ලැබී ඇති බවයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු රංජිත් ද සොයිසා මහතා කියා සිටියේ. 

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යම් තර්ජනයක් මතු වුවහොත් ඒ සම්බන්ධයෙන් වගකීම රජය භාර ගත යුතු බවද රංජිත් සොයිසා මහතා කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad