නාමල් ඇතුළු පස් දෙනෙකුට නොතිසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 3, 2017

නාමල් ඇතුළු පස් දෙනෙකුට නොතිසි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු  5 දෙනෙකුට එරෙහිව ලබන 6 වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද  නොතිසී නිකුත් කළා.

ඒ රුපියල් මිලියන 30 ක මුදලක් උපයාගත් ආකාරය හෙළි නොකිරීමේ සිද්ධියකට අදාළවයි. මේ අතර වැලිවේරිය - රතුපස්වල ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින හමුදා සාමාජිකයින් තුන්දෙනා ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඒ ඊට අදාල නඩුව අද ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් බී.ඒ. රුවන්පතිරණ මහතා හමුවේ කැඳවු අවස්ථාවේදී යි.

No comments:

Post a Comment

Post Bottom Ad