කොළඹ 7 ආර්කේඩ් වෙළෙඳ උද්‍යානය, කොළඹ පැරැණි තුරඟ තරග පිටිය සහ නුවරඑළිය ඉපැරැණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික ආයෝජකයන්ට පැවරීමට අදාළ යෝජනාවක් මුදල් අමාත්‍යංශය විසින් රජයට ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
කොළඹ 7 ආර්කේඩ් වෙළෙඳ උද්‍යානය සහ පැරැණි තුරඟ තරග පිටිය පෞද්ගලිකකරණය කිරීම සම්බන්ධයෙන් මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා දැඩි විරෝධය පළකර ඇති බවද ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ආර්කේඩ් වෙළෙඳ උද්‍යානය පෞද්ගලික ආයෝජකයකු ඉල්ලා ඇති බව රජයේ ආර්ථික කමිටුවේදී හෙළිව තිබේ.
එසේම නුවරඑළිය බ්‍රිතාන්‍ය පාලන කාලයේ ඉදිකළ ඉපැරැණි වටිනාකමක් සහිත තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ප්‍රකට ඉන්දීය හෝටල් සමාගමකට පැවරිය යුතුය යන යෝජනාවක් ද එහිදී සාකච්ඡාවට ගෙන ඇත. ඒ අතර මත්තල ගුවන්තොටුපොළ සහ ඒ ආශ්‍රිතව ඇති ඉඩම් අක්කර 800කට අධික භූමිය තක්සේරුකර තක්සේරු වාර්තාවක් සපයන ලෙස මුදල් අමාත්‍යංශය රජයේ ප්‍රධාන තක්සේරුකරුට දැනුම් දී ඇත.
Monday, May 15, 2017
ආර්කේඩ් එකත් විකුණයි?
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment