ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ශ්‍රී ලංකාවේ කල සංචාරයේදී කල ප්‍රකාශයක් සමබන්දයෙන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තම පුදුමය පල කර ඇත. ඉන්දීය අගමැතිවරයා ලංකාවේ සිටින ඉන්දීය සමබවයක් ඇති දමිළ පිරිසක් අමතමින් පවසා සිටියේ ක්‍රිකට් පිටියේ සුපිරි වීරයකු වූ මුරලි ඔබලාගේ නිර්මානයක් බවයි.මෙලෙස ඉන්දීය අගමැතිවරයා තමාගේ නම ප්‍රකාශ කිරීම පිළිබඳව මුරලි පුදුම වී ඇත.
“ඇත්තටම මට පුදුමයි ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටේ නායකයට ඒ කතාවේදී මගේ නම මතක් වුන එක ගැන.ඇත්තටම මගේ නමත් එක්ක මගේ රටේ අනන්‍යතාවය ඉස්සරහට යන එක ගැන ගොඩක් ආඩම්බරයි මට.”
“මට ඇත්තටම ලොකු සම්බන්දයක් තියෙන්නේ ඉන්දියාවත් එක්ක,අපේ මුතුන් මිත්තන්ට ලොකු සම්බන්දයක් තිබුනා ඉන්දියාව එක්ක මම ඒ සම්බන්දය තමයි තව දුරටත් ඉස්සරහට ගෙනියන්නේ,ඔයාල දන්නවනේ මගේ බිරිඳත් දකුණු ඉන්දීය කාන්තාවක්.”
“ඇත්තටම ඉන්දියාව අපේ ලොකු අයිය වගේ,ඉන්දියාවට පුළුවන් අපේ රටේ දියුණුව වෙනුවෙන් ගොඩක් සහය වෙන්න,ඇත්තටම අපේ රටවල් දෙකේ ගොඩක් සමීප සම්බන්දතාවය තියන එක අපිට ගොඩක් වටිනවා”
මුරලිදරන් පවසා ඇත්තේ මොදී යනු ගොඩක් ජනතාව ආදරය කරන නායකයෙකු බවයි.
“ලෝකයේ ගොඩක් රටවල ජනතාව මොදිට ආදරෙයි,ඔහු ඇත්තටම ඉන්දියාවේ මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරපු නායකයෙක්.මොදී ඔහුගේ රට වෙනුවෙන් කරපු සේවයට ඔහුගේ ජනතාව කෙළෙහිගුණ සලකන විදිය බලන්න පුළුවන් වෙයි මැතිවරණයක් ආවම.”
-cricketlanka
Monday, May 15, 2017
“ඇත්තටම ඉන්දියාව අපේ ලොකු අයිය වගේ” – මෝදීගේ කතාවට මුරලිගෙන් විස්මිත පිළිතුරක්
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment