රටේ ජාතිවාදී ප්‍රශ්න ඇති කරන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට රජය උපදෙස් ලබාදී ඇතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ තිබෙන්නේ යහපාලන ආණ්ඩුවක් බවත් තරාතිරම නොබලා අත් අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබෙන බවත් කිසිවෙකු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් ඇතැම් සිදුවීම් පිළිබඳව පරීක්ෂණ සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.
මේ අතර ඊයේ (23) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේ රටේ නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක විය යුතු බවට අද රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත් නීතිය අවභාවිත කිරීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොදෙන බවත් සැමට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රතිපත්තිය බවත්ය.
මේ දිනවල විවිධ පුද්ගලයන් හා සංවිධාන විසින් තැන් තැන්වල සිදු කරන විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව අවධානය යොමු කරමින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණයට එළැඹි බවද අමාත්‍යවරයා පැවසී ය. ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත්, අමාත්‍ය මණ්ඩලයත් මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා,නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාත්, පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවද පැවසීය.
නීතිය ක්‍රියාත්මක කිරීමේ දී කිසිදු භේදයකින් තොරව සැමට සමානව ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍ය මණ්ඩලයේ තීරණය වූ බවද අමාත්‍යවරයා පැවසීය. තම පොලිස් බල ප්‍රදේශය තුළ සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රදේශය බාර පොලිස් ස්ථානාධිපතිවරයට ක්‍රියාත්මක කිරීමට අවකාශ සැලසීම සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

No comments:
Post a Comment