සැකකටයුතු ලෙස මියගිය නුවරඑළිය රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියකගේ සිරුරක් ඇයගේ නිල නිවාසයෙන් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සැක කරන්නේ සිරුරට නිර්වින්දන ඖෂධ අධි මාත්‍රාවෙන් එන්නත් කරගෙන ඇය සියදිවි හානිකරගෙන ඇති බවටයි. මෙම වෛද්‍යවරිය අද දින රෝහලට නොපැමිණීම හේතුවෙන් ඇය සමග සේවය කරන තවත් වෛද්‍යවරියන් පිරිසක් නිල නිවාසය පරීක්ෂා කිරීමේදී ඇයගේ සිරුර හමුවී තිබෙනවා.
31 හැවිරිදි අදාළ වෛද්‍යවරිය කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්. මේ අතර සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (23) පස්වරුවේ නුවරඑළිය මහේස්ත්‍රාත් මහතා විසින් පැවැත්වු අතර එහිදි මහේස්ත්‍රාත්වරයා නුවරඑළිය පොලිසියට නියෝග කළේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මහනුවර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.
Tuesday, May 23, 2017
වෛද්‍යවරියකගේ සිරුරක් නිල නිවාසයෙන් හමුවෙයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment