මන්ත්‍රී ධුරය අහෝසිවූ ගීතා පාර්ලිමේන්තුවේ - ඇමැති කිරිඇල්ලගෙන් ආරාධනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

මන්ත්‍රී ධුරය අහෝසිවූ ගීතා පාර්ලිමේන්තුවේ - ඇමැති කිරිඇල්ලගෙන් ආරාධනයක්

මන්ත්‍රී ධුරය අහෝසිවූ ගීතා පාර්ලිමේන්තුවේ - ඇමැති කිරිඇල්ලගෙන් ආරාධනයක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට සුදුසු නැතැයි අභියාචනාධිකරණය විසින් තීන්දුවක්‌ ලබා දුන් ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (04) පාර්ලිමේන්තු සභා ගැබෙහි අසුන් ගෙන සිටි අතර ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු ඊට විරෝධය පළ කළහ.
"අභියාචනාධිකරණය තීන්දුවක්‌ ලබා දී තිබෙනවා. කොහොමද ගීතා කුමාරසිංහ මහත්මිය ඇවිත් ඉන්නේ?" එජාප කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නලීන් බණ්‌ඩාර ජයමහ මහතා විමසා සිටියේය. "කථානායකතුමනි, ඇයි උසාවි තීන්දුව ක්‍රියාත්මක නොකරන්නේ" මන්ත්‍රීවරයා කථානායක කරු ජයසූරිය මහතාගෙන් විමසුවේය. 
“අභියාචනාධිකරණ තීන්දුව තවම පාර්ලිමේන්තුවට ලැබිලා නෑ. තීන්දුව ලැබුණට පස්‌සේ අවශ්‍ය පියවර ගත හැකියි" කථානායකවරයා කීවේය. ගීතා කුමාරසිංහ මහත්මිය මේ අවස්‌ථාවේදී මහාමාර්ග හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවේය. "දක්‍ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට බෙලිඅත්ත දක්‌වා දීර්ඝ කිරීමේ මාර්ග සංවර්ධන කටයුතු මෙතෙක්‌ අවසන් කර නැත්තේ මන්දැයි" කුමාරසිංහ මන්ත්‍රීවරිය ඇසුවාය.
“එය අවසන් අදියරේ තියෙන්නේ. අවශ්‍ය නම් අපි දෙන්නටම එය නිරීක්‍ෂණය කිරීමට එකට යන්න පුළුවන්“ යෑයි කිරිඇල්ල මහතා කී විට සභාවේ සිටි සියලු මන්ත්‍රීවරු සිනාසුනහ.

No comments:

Post a Comment

Post Bottom Ad