මහින්දගේ රැලියේදී අතුරුදන් වූ පුද්ගලයා සොයාගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

මහින්දගේ රැලියේදී අතුරුදන් වූ පුද්ගලයා සොයාගනී

මහින්දගේ රැලියේදී අතුරුදන් වූ පුද්ගලයා සොයාගනී
මැයි පළවනදා ගාලූමුවදොර පැවැති මැයි රැළියට සහාභාගි විම සඳහා පැමිණ අතුරුදන්ව සිටි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයා ඥාතීන් විසින් ඊයේ (04) සොයාගෙන තිබේ.
ඒ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.අවිස්සාවේල්ල - උක්වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පසුගියදා පැවති මැයි රැළියට ප්‍රදේශවාසීන් සමග සහභාගි වී තිබූ අතර රැළිය අතරතුරදී ඔහු අතුරුදන්ව ඇත.
මේ අතර ඊයේ දිනය දක්වා ඥාතීන් සහ පොලිසිය එක්ව මොහුව සෙවීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක කළේය. කෙසේ වෙතත් දැනට ඔහු කොළඹ ජාතික රෝහලේ 79 වන වාට්ටුවේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.කොල්ලූපිටිය පොලිස් නිලධාරින් විසින් ඔහුව කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු තමාට දැනුම් දුන් බව අතුරුදන් වූ පුද්ගලයාගේ ඥාතීහු පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad