ෆොන්සේකාට බියවී ඇතැම් පුද්ගලයින් රට හැර ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

ෆොන්සේකාට බියවී ඇතැම් පුද්ගලයින් රට හැර ගිහින්

ෆොන්සේකාට බියවී ඇතැම් පුද්ගලයින් රට හැර ගිහින්
තමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකවීමට දැනට යෝජනා වී ඇති ආයතනය මඟින් අපේක්ෂා කෙරෙන්නේ වර්ජන හේතුවෙන් බිඳවැටෙන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙනයාම බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.
දැනටමත් ඇතැම් පුද්ගලයින් අදාළ යෝජනාවට බිය වී රට හැරගොස් ඇති බවද ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය. රාජපක්ෂලා සිදුකරපු දේවල් කිසිදිනක සිදු නොකරන බවත් එවැනි දේ සිදු කරනවාට වඩා දේශපාලනයෙන් ඉවත් වීම හොඳ බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසී ය.
කැළණිය ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය. එම උත්සවයට එක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව මර්දනය සඳහා වෛරී පුද්ගලයින් යොදා ගන්නා බවත් කැබිනට් මණ්ඩලය තුළත් ෆොන්සේකා මහතා විහිළුවට ලක් වී ඇති බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad