අලූත් ඇමතිගේ නියෝගයෙන් නියෝජ්‍ය ඇමතිට යකා වැහේ.. පස්පඩංගුවේ බනිමින් බිම දමාගෙන පහර දෙන්න යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

අලූත් ඇමතිගේ නියෝගයෙන් නියෝජ්‍ය ඇමතිට යකා වැහේ.. පස්පඩංගුවේ බනිමින් බිම දමාගෙන පහර දෙන්න යයි..

ඇමති සංශෝධනයේදී අලූතින් පත් වූ ඇමතිවරයකු වැඩබාරගෙන පැය අටක්වත් යන්නට මත්තෙන් එම අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිවරයා එහි සේවකයෙකුට බිම දමාගෙන පහරදීමට උත්සාහ කර තිබේ.

නව අමාත්‍යවරයෙකු පැමිණෙන නිසා අමාත්‍යංශයේ වාහන සංගනනයක් සිදුකර වාර්තාවක් සැකසීමට ලැබුණු උපදෙස් මත අදාල සේවකයා විසින් එය සිදුකරමින් සිටියදී නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ලද කැඳවීමක් හේතුවෙන් එහි ගොස් ඇත.

එහිදී තමන්ගේ වාහනවලට අදාලව කිසිවක් ඇතුලත් නොකරන ලෙස උපදෙස් දී ඇති නියෝජ්‍ය ඇමතිවරයා ‘මගේ වාහන ගැන මොනවා හරි දාලා තිබ්බොත් තමුසෙව ඉතුරු කරන්නෙ නෑ’ කියා තර්ජනය කර ඇති අතර ‘සර්ගේ ලග තියෙන පූල් වාහන ගැනයි ඔෆීෂියල් වාහන ගැන දැන්ටමත් දාලා තියෙන්නේ’ යයි සේවකයා ඊට පිලිතුරු දී ඇත. ‘මොකාටද ඕක කරන්න ඕනේ වෙලා තියෙන්නෙ’ යයි අසමින් කෝපයෙන් නීයෝජ්‍ය ඇමතිවරයා පුටුවෙන් නැගිට ලගටම ගොස් ‘තමුසෙගෙ සර්වත් අපි යවනවා. 


තමුසෙට ඊට පස්සෙ රස්සාවත් නැති කරගන්නද හදන්නෙ’ යැයි විමසා ඇත. ඊට පිලිතුරු දෙමින් සේවකවයා ‘සර් මං කරන්නෙ රස්සාව. මට ඒකට ඉඩ දෙන්න’ කියනවාත් සමගම නියෝජ්‍ය ඇමතිවරයා විසින් ඔහුව තල්ලු කර ඇති අතර අසල පුටුවකද වැටී බිම ඇද වැටී තිබේ. ඒ සමගම ඇමති ආරක්‍ෂකයින් පැමිණ සිදුවීම සමථයකට පත් කර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් සිදු නොකර සිටින ලෙසට ඇමති ආරක්ෂක අංශයෙන් සේවකයාට පසුව තර්ජනය කර ඇති බවද වාර්තා වෙයි. තම නියෝජ්‍ය අමාත්‍යධූරය අහිමිවීමට නියමිත බැවින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ හැසිරෙන බව සියලු සේවකයින්ගේ මතයයි.

No comments:

Post a Comment

Post Bottom Ad