ආණ්ඩුව දෙදරන තීරණයක් ගන්න යයි.. ශ‍්‍රීලනිප ඇමති තොගයක් මහින්ද හමුවෙන් කඩිනම් වෙලාවක් ඉල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 5, 2017

ආණ්ඩුව දෙදරන තීරණයක් ගන්න යයි.. ශ‍්‍රීලනිප ඇමති තොගයක් මහින්ද හමුවෙන් කඩිනම් වෙලාවක් ඉල්ලයි..

ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනිප ඇමති කණ්ඩායමක් විසින් හදිසි සාකච්චාවක් සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉක්මන් දිනයක් වේලාවක් ඉල්ලීමට සූදානම් වෙයි.

ඇමති ජොන් සෙනෙවිරත්න මහතා වැනි ජ්‍යේෂඨතම ශ‍්‍රීලනිප ඇමතිවරයෙකුට එජාප ඇමතිවරුන් වන සරත් ෆොන්සේකා හා රාජිත සේනාරත්න විසින් පංච නින්දාවෙන් බැණ වැදීමට විරෝධය පල කිරීම සදහා පියවරක් ගැනීමට මෙම හමුව සූදානම් වන්නේ යයි සදහන්ය. අදාල ප‍්‍රකාශයන්ට විරෝධය පෑමක් ලෙස කැබිනට් වාර්තනයක් කිරීමට ශ‍්‍රීළනිප ඇමතිවරුන් පිරිස සූදානම් වුවත් ඇමති මලික් සමරවික‍්‍රම විසින් සමාව ගැනීම නිසා එම ක‍්‍රියාමාර්ගය නතර විය.

මේ වන තෙක් අදාල ඇමතිවරුන් දෙදෙනා විසින් එකී ප‍්‍රකාශයන් ගැන කණගාටුව හෝ ප‍්‍රකාශ නොකර උඩගු ලෙස හැසිරීම නිසා පක්‍ෂයක් ලෙස ගෞරවයක් සහිතව තව දුරටත් ආණ්ඩුවේ සිටිය නොහැකි තත්වයට පත්ව ඇති බව මෙම කණ්ඩායමේ මතයයි. මැයි දිනයේදී ගාළු මුවදොරින් පෙන්වන ලද සංඥාව අනුව ඉදිරි මැතිවරණවලදී සිය දේශපාලන අනාගතය ගැනද සලකමින් මෙම පිරිස කිනම් හෝ ක‍්‍රියාමාර්ගයක් ගනු ඇති බව සමීප ආරංචි මාර්ග කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad