සාගල මලික් අතර ගැටුමක් – සාගලගේ පුටුව කිරිඇල්ලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

සාගල මලික් අතර ගැටුමක් – සාගලගේ පුටුව කිරිඇල්ලට

පසුගියදා සිදුව ඇති ඇති කැබිනට් මණ්ඩල සංශෝධනයට අගමැතිවරයා එකග කරවා ගෙන ඇත්තේ මලික් සමරවික‍්‍රම ඇමතිවරයා විසින් බවත් මුදල් ඇමති ධුරයෙන් රවි කරුණානායක ඉවත් කර ගැනීමටද ඇමති මලික්ට තදබල උවමනාවක් තිබූ බවත් එජාප අභ්‍යන්තර ආරංචි උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර කතානායක කරූ ජයසුරිය අගමැති ධුරයට ගෙන ඒමට එජාප මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග සාකච්චා කර ඇති බවත් එම තත්වය වලක්වා ගැනීමට නම් මුදල් ඇමති ධුරයෙන් රවි කරුණානායක මහතා ඉවත් කර වෙනත් පුද්ගලයෙකුට එම තනතුර ලබා දිය යුතු බවත් ඇමති මලික් අගමැති රනිල්ට අවධාරණය කර ඇතැයිද සදහන් කරන එම වාර්තා ඒ අනුව අගමැතිවරයාද රවි කරුනානායක මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට එකග වී ඇතැයිද සදහන් කරයි.

මේ අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ඕස්ටේ‍්‍රලියානු සංචාරය නිමවා පැමිණි පසු ඇමති සාගල රත්නායක විසින් දැනට දරන නීතිය හා සාමය විෂය ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල හෝ වෙනත් අයෙකුට පැවරෙනු ඇති බවටද එහි සදහන්ය. මේ සදහා මලික් සමරවික‍්‍රම ඇමතිවරයා මැදිහ් වී ඇතැයි තොරතුරු මත ඔහු හා සාගල රත්නායක ඇමතිවරුන් අතර මතගැටුමක් ඇතිව තිබෙන බවද වාර්තාවන්හි දැක්වෙයි.

-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad