ශ‍්‍රී ලංකාව කැන්ගරුවන්ගෙන් වැඩ අල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

ශ‍්‍රී ලංකාව කැන්ගරුවන්ගෙන් වැඩ අල්ලයි

චැම්පියන්ස්‌ කුසලානට වැඩ අල්ලමින් පැවැත්වෙන පළමු පෙරහුරු තරගය අද (26)පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඕවල් ක්‍රීඩාංගණයේදී. අද පැවැත්වෙන පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකාව දක්‌වන දක්‍ෂතාව කණ්‌ඩායමේ මානසික ශක්‌තියට වැදගත් සාධකයක්‌ වන අතර මෙම තරගය සඳහා ලසිත් මාලිංගද ක්‍රීඩා කිරීමේ වැඩි අවස්‌ථාවක්‌ ඇතැයි සඳහන් වනවා.

ඇන්ජලෝ මැතිව්ස්‌ද ස්‌කොට්‌ලන්තය සමග පැවැති දෙවැනි පුහුණු තරගය ක්‍රීඩා නොකළද අද ශ්‍රී ලංකාවේ හොඳම සංයුතිය බොහෝ දුරට ක්‍රීඩා කරවීමේ අවස්‌ථාවක්‌ තිබෙනවා. පිතිකරුවන් ලෙස දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්‌ සහ කුසල් පෙරේරා ලකුණු අතරට පිවිසෙමින් සිටින අතර එය තවදුරටත් සාර්ථක කර ගැනීමට අද සටන ඔවුන්ට වැදගත් වනවා.

මීට අමතරව ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි පුහුණු තරගය ලබන 30 වැනිදා නවසීලන්තය සමග පැවැත්වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad