ජලාශ කිහිපයක් වාන් දමයි කැළණි ගඟේ ජල මට්ටම ඉහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 26, 2017

ජලාශ කිහිපයක් වාන් දමයි කැළණි ගඟේ ජල මට්ටම ඉහලට

අද (26) අළුයම් කාලයේ සිට මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ජලාශ කිහිපයක්ම වාන් දැමීමට සිදුවී තිබෙනවා. අද උදෑසන සිට නෝර්ටන්බ්‍රිජ්, ලක්ෂපාන සහ මස්කෙළිය ජලාශ මේ වන විට වාන් දමා තිබෙනවා.

ලක්ෂපාන සහ මස්කෙළිය ජලාශවල වාන් දොරටු 2 බැගින් අද (26) අලුයම සිට විවෘත කර ඇත. ඒ හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහල යා හැකි බැවින් අවධානයෙන් සිටිය යුතු බව විදුලිබල මණ්ඩලය මහජනතාවට අනතුරු අඟවනවා.

හැටන් මස්කෙළය - නොර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ හපුගස්තැන්න ප්‍රදේශයේ දී පස් කන්දක් මාර්ගයට කඩා වැටීම නිසා එහි ගමනාගමන කටයුතු අද උදෑසන වන තෙක් ඇණහිට තිබූ අතර මේ වන විට එම මාර්ගයේ එක් මං තීරුවක පමණක් ගමණාගමය සඳහා විවෘත කර ඇත. අයහපත් කාලගුණ තත්වය නිසා වැඩි අවධානයකින් රථ වාහන ධාවනය කරන ලෙස මස්කෙළිය පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

No comments:

Post a Comment

Post Bottom Ad