ආණ්ඩුව දෙදරයි: එජාප ඇමැතිගෙන් බරපතල ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 24, 2017

ආණ්ඩුව දෙදරයි: එජාප ඇමැතිගෙන් බරපතල ප්‍රකාශයක්

පසුගියදා සිදු වූ කැබිනට් සශෝධනය එක්සත් ජාතික පක්ෂයටත්, නව රජය බලයට පත් කිරීමට කැපවූ එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ නායකයින්ටත් සිදු වූ බලවත් අසාධාරණයක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අලුතින් පත්කළ අමාත්‍යංශ විෂය පථයන් දෙස බැලීමේ දී මෙය ඉදිරි පළාත් සභා මැතිවරණ ඉලක්ක කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට සමත් වූ සංශෝධනයක් බව ද ඔහු පෙන්වා දෙයි. 

කඳුරට උරුමය, සබරගමු උරුමය ලෙස නව විෂය පථයන් දෙකක් ඇති කිරීමත්, මහවැලි සංවර්ධන විෂයට අදාළව රාජ්‍ය අමාත්‍යංශක් ඇති කිරීම හා එකී සියලු අමාත්‍යංශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් වෙත පැවැරීම තුළ රටේ සැබෑ අවශ්‍යතා ඉටු කිරීමේ ක්‍රියාවලියක් වෙනුවට බලය වර්ධනය කර ගැනීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි. ඊයේ (23) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළ බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad