මාලිංග දුන් ගුරු මුෂ්ටියෙන් වැඩ ගත් සැටි බුම්රා මාධ්‍යට කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

මාලිංග දුන් ගුරු මුෂ්ටියෙන් වැඩ ගත් සැටි බුම්රා මාධ්‍යට කියයි..

මාලිංගගේ තැනට යාමට තමාට තව බොහෝ දුර යා යුතු බවත් ඒ ඉලක්කයට ලඟා වීම පහසු නොවන බව ඉන්දීය පුවත්පත් සාකච්ඡාවකට  එක් වෙමීන් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජෂ්ප්‍රීට් බුම්රා සඳහන් කර තිබේ.

පසුගිය කාලයේ ලසිත් මාලිංගට වඩා, ඔහුගෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ දෑ ඉගනගත් ගෝලයකු වන ජෂප්‍රීට් බුම්රා සාර්ථකත්වයක් පෙන්වා ඇතැයි ඉන්දීය ක්‍රීඩා ලෝලීන් සඳහන් කරන්නේ ඇයි දැයි  නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ. 


එසේම ඉන්දීය ප්‍රීමියර් ලීග් කුසලානයේ පසුගියදා පැවති ගුජරාට් සහ මුම්බායි කණ්ඩායම අතර  පැවති තරඟයකදී ගුජරාට් කණ්ඩායමේ  ප්‍රහාරාත්මක පිතිකරු යුගලයක් වන බ්‍රෙන්ඩන් මැකලම් සහ ආරොන් ෆින්ච් හමුවේ සුපිරි පන්දුවාරයක් තුළ ලකුණු 11 ලබා ගැනීමට අවස්ථාවක් ලබා නොදී මුම්බායි කණ්ඩායමට ජය ගෙනා අවස්ථාවේ මාලිංග සිය සතුට තමන් වෙත පළ කල බවද බුම්රා මෙහිදි සඳහන් කර තිබේ.

“ඇත්තටම ඒ පන්දුවාරයට පස්සේ මාලිංග ගොඩක් සතුටු වුනා,එයා මගේ ලඟට ඇවිත් කිව්වා ඔන්න දැන් මගේ වගකීම දැන් ඔයාට දීල  තියෙන්නේ කියල,මම කිව්වා නෑ තාම ඒක මට ගන්න බෑ ඔයා තියාගන්න කියල, ඇත්තටම මාලිංග මට මුලින්ම හමුවුනේ 2013 දී,එදා ඉදල මම ආපු ගමන ගැන මාලිංග ගොඩක් සතුටු වෙනවා.මම තාමත් මාලිංගගෙන් ඉගන ගන්නවා,එයා ඉන්න තැනට යන්න තව ගොඩක් දුරයි,ඒක ලේසි දෙයක් නෙවෙයි , ඔයා ඔයාටම ආවේනික පන්දු සොයා ගන්න,හැම වෙලාවේම අලුත් දේවල් කරන්න.නැත්නම් ඔයාගේ පන්දු වලට ඉක්මනටම පිතිකරුවෝ හුරු වෙයි, මට මේ දේවල් කිව්වේ මාලිංග මගේ පන්දු මිශ්‍රණය හදාගන්න ඒ උපදෙස් තමයි උදව් වුනේ.”

 
එසේම මාලිංග තමාට පන්දුකරණය සම්බන්ධයෙන් පුහුණු කලාද යන්නැයි නැගු පැනයකටද  බුම්රා පිළිතුරු දී තිබේ.


“එහෙම විශේෂ පුහුණුවක් නෑ,හැබැයි අන්තිම පන්දුවාර යවද්දී පිතිකරුවෝ කොහොමද හැසිරෙන්නේ ඒවාට කොහොමද අපි ප්‍රතිචාර දක්වන්න ඕන කියල මාලිංග මට කියල දුන්නා , මම මුලින්ම කණ්ඩායමට එද්දී මට වයස 19,මට ඒ වෙලාවේ ලඟට ඇවිත් පීඩනය දරාගන්න විදිය කියල දුන්නේ මාලිංග තමයි, මුලදී මම outswinger දාන්න  දන්නේ නෑ.මාලිංග මට ඒ දේවල් කියල දීල කිව්වා කවදාවත් ඔයාගේ පන්දු යවන ඉරියව්ව්ව වෙනස් කියල පසු බහින්න එපා,ඒක ඔයාට ලොකු ශක්තියක් කියල කිව්වා , ඇත්තටම මගේ මුල් කාලයේ පහර වදිද්දී මට තරහ යනවා,ඒ වහේ වෙලාවට මගේ මාලිංග මගේ ලඟට ඇවිත් කිව්වා,තරහ ගන්න එක  මෝඩ වැඩක් එකෙන් පිතිකරුවට වාසියක් වෙන්නේ,ඒ නිසා ඔලුව වෙන පැත්තක යන්න දෙන්නේ නැතුව හැම වෙලාවේම තරඟය ගැන හිතන්න කියල.”

No comments:

Post a Comment

Post Bottom Ad