නාමල් රාජපක්ෂ ඇතුළු 5කට මහාධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 4, 2017

නාමල් රාජපක්ෂ ඇතුළු 5කට මහාධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

නාමල් රාජපක්ෂ ඇතුළු 5කට මහාධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි
මුදල් විශුද්ධිකරන පනත යටතේ ගොනු කළ නඩුවකට පෙනී සිටීම සඳහා ලබන 06වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඊයේ(03) නොතීසි නිකුත් කළේය.

නාමල් රාජපක්ෂ මහතාට අමතරව තවත් සිවු දෙනකුටද එදිනට එම චෝදනාව සම්බන්ධයෙන්ම අධිකරණය් පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරනු ලැබීය. නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මහතාටත් සුජානි බෝගොල්ලාගම හා නිත්‍යා සේනානායක යන මහත්මීන්ටත් තවත් අයකුටත් එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කොට ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේය.

සීමාසහිත පවර්ස් කෝපරේට් පෞද්ගලික සමාගම පිහිටුවීම සඳහා රුපියල් මිලියන 30ක මුදලක් ආයෝජනය කොට ඇති බවත් එකී මුදල උපයාගත් ආකාරය සැක සහිත බව පවසමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad