දරුවන් විසිදෙනකු මෙලොවට බිහි කළ මවක් ලෝක මව්වරුන්ගේ දිනය යෙදී තිබූ ඊයේ (14) ගලේවෙල බබරගස්වැව ප‍්‍රදේශයේදී අපට හමුවුණි. මෙම වාසනාවන්ත මාතාව 78 හැවිරිදි එච්ඒ රොසලින් නෝනා මහත්මිය වන අතර දරුවන් විසිදෙනාගේ පියා 86 හැවිරිදි පී.ජිනදාස මහතාය. මේ යුවළට මුණුබුරෝ 78දෙනෙක් සිටිති.
මේ යුවළ මතක ඇති කාලයක වේදනානාශක පෙත්තක් හෝ අසනීඵයකට බී නැති බව මේ ආදර්ශමත් මව සතුටින් කියන්නීය. සිය සැමියා පොල් කඩා කුලී වැඩ කොට දරුවන් පෝෂණය කළ බව ද දැනට සැමියා ගවයකුගේ පටලැවී ඇද වැටී කකුල ආබාධයකට ලක්ව සිටින බව ද ඇය කියන්නීය.
තම දරුවන් විසිදෙනාම වින්නඹු අම්මා කෙනෙකුගේ ආධාරයෙන් නිවසේදී ප‍්‍රසූත කළ බවද ඇය සතුටින් පැවසුවාය. තම දරුවන් සියලු දෙනාම ඉතාම හොදින් ආදරයෙන් මේ දෙපළ රැක බලා ගන්නා බවත් ආර්ථික අපහසුතා දරුවන්ට හා තමන්ට තිබුණත් ආදාරයේ කිසිුද අගහිගකමක් නැති නිසා දරු මුණුබුරන් සමග ආදරයෙන් ජීවත්වන බවත් මව ආඩම්බරයෙන් පැවැසුවාය.
තමා දරුවන් 24දෙනෙකු හදන්නට සූදානමින් සිටියදී 1983 වසරේ රෝහලේ දොස්තර මහතකු තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සිතා එය වළකා දැමූ බව ද ඇය කීවාය. තමන් හා සැමියා තවමත් ඉතාම ආදරයෙන් ජීවත්වන බවත් තම දරුවන්ට ද හැකි තරම් දරුවන් හදන්නට උපදෙස් ලබාදී ඒ අයගේ දරුවන්ද නාවා කපා පොවා රැක බලාගන්නා බවත් මේ ආදර්ශවත් මව අප සමග කීවාය.
මේ දරුවන්ගේ පියා අප සමග කීවේ කකුල කැඩුණේ නැතිනම් තමන්ට තවමත් වැඩකරන්නට හැකි බවයි. කුලී වැඩ කරමින් පොල් ගස් නැග පොල් කඩා ලෙලි ගසා ඉතාම සතුටින් දරුවන්ට කන්න බොන්න දුන් බවත් කසාද බැන්ද දිනය වගේම තවමත් බිරියට ආදරය කරන බව ද ඔහු පැවැසීය.
Monday, May 15, 2017
දරුවන් 20ක් බිහිකල ගලේවෙල මව
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment