ජුනි මස 01 වැනිදා සිට 18 වැනිදා දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන රටවල අදාළ සංචිතයන් නම්කොට අප්‍රේ 25දාට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යැවිය යුතු වුවත් ඊයේ (26) දිනය වන තෙක්ම අදාළ ක්‍රිකට් සංචිතය ඉන්දියාව විසින් ප්‍රකාශයට පත් කර නොතිබිම පිළිබඳව ක්‍රීඩා ලෝලීන් විමතියට පත්ව තිබේ.
අයි.සී.සී. තරගාවලියට සහභාගි වන අනෙක් රටවල් 7 මේ වන විට සිය සංචිතයන් නම් කොට අයි.සී.සී.යට දැනුම් දී ඇති අතර ,මෙසේ නියමිත දිනයට පෙර තම සංචිතය තෝරා නම් කිරීමට නොහැකි වූයේ තාක්ෂණික හේතුවක් නිසා බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය වෙත පවසා ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් මෙසේ ඉන්දීය ක්‍රිකට් සංචිතය නම් නොකිරීම පිටුපස ඉන්දීය කණ්ඩායම අයි.සී.සී. තරගාවලියට සහභාගි නොකරවීමේ අවදානමක්ද පවතින අතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
තම කණ්ඩායම තරගාවලියට සහභාගි නොකරන බවට අයි.සී.සී.ය බියගන්වා හෝ බිග් ත්‍රී සංකල්පය මත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අයි.සී.සී. ආදායමෙන් ලැබෙන මුදල් කොටස් ප්‍රමාණය වැඩි කරගැනීම මේ පිටුපස ඇති තවත් හේතුවක් බවද ජාත්‍යන්තර ක්‍රිකට් වාර්තා පෙන්වා දෙයි.
Thursday, April 27, 2017
ICC කුසලානයට ඉන්දීය සංචිතය නම් නොවු හේතුව අනාවරණය වෙයි..
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment