ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින කමිටුවේ විශේෂ හමුවක් අද (11) පෙරවරුවේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත මැයි දින කමිටුව, වෘත්තීය සමිති නායකයන් හා බහුජන සංවිධාන නියෝජිතයෝ මේ සඳහා සහභාගි වෙති. මැයි දින රැලියේ කටයුතු සංවිධානය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත මැයි දින කමිටු හතරක් හා දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රීවරුන් දෙදෙනා බැගින් පත්කර ඇත.
මේ අතර ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට උතුරු නැගෙනහිර පළාත්වලින් ද මෙවර විශාල ජනතාවක් සහභාගි කරවීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් පසුගිය සති අන්තයේ ත්‍රිකුණාමලය, වවුනියාව, මන්නාරම, මුලතිව් දිස්ත්‍රික්කවලට ගොස් සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වේ.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම ජනතාව සහභාගි කරවාගෙන විශාලතම මැයි දින රැලිය ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කරගෙන සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:
Post a Comment