ශ්‍රී ලංකා යුද හමුදාවේ නව ඇජුටන්ට් ජනරාල් ලෙස පත් කර ඇති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම ධුරයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත කළ ඉල්ලීමක් එම සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
කොටි ඩයස්පෝරාවේ ක්‍රියාකාරියකු වූ මැතිව් රසල් ලී නමැත්තා එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙප්හේන් ඩුජාරෙක් වෙතින් එම ඉල්ලීම කර තිබේ.
ශවේන්ද්‍ර සිල්වා ඉහළ නිලයකට පත් කිරීම ගැන තමා දන්නා බව පවසා ඇති එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයා එම පත්වීම ගැන පියවරක් ගත නොහැකි බව පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නොහික්මුණු ලෙස හැසිරුණු මැතිව් රසල් ලී නැමැත්තාට එම සංවිධානයේ නිලධාරීන් සීමා පනවා තිබේ.
මොහු කොටින්ට පක්ෂව වෙබ් අඩවියක් ද මෙහෙයවයි.
-දිවයින-
No comments:
Post a Comment