ජී.එස්‌.පී පරීක්ෂාවට යුරෝපා නියෝජිතයෝ ලංකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 11, 2017

ජී.එස්‌.පී පරීක්ෂාවට යුරෝපා නියෝජිතයෝ ලංකාවට

ජී.එස්‌.පී පරීක්ෂාවට යුරෝපා නියෝජිතයෝ ලංකාවට

ශ්‍රී ලංකාව ජී. එස්‌. පී. ප්ලස්‌ සහන ලබාගැනීමට අදාළ සුදුසුකම් සපුරා තිබේදැයි සොයා බැලීමට යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක්‌ ඊයේ (10) මෙරටට පැමිණියහ.

යුරෝපා සංගමයේ නෙදර්ලන්ත නියෝජිතවරියක වන ඈන් මාරි මිනෝදර් මහත්මිය ඇතුළු නියෝජිත පිරිස ඊයේ කටුනායක ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ ඔවුන් පිළිගනු ලැබුවේ නිදහස්‌ වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්‌, ලංකා වෙළෙඳ කාර්මික හා පොදු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්‌ටර් ජයකොඩි යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිත පිරිසකි.

ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට ඉදිරිපත් කර ඇති ජී. එස්‌. පී. ප්ලස්‌ සහන ලබාගැනීම සඳහා වූ විවාදය මෙම මස 19 වැනිදා බෙල්ජියමේ බ්‍රසල්ස්‌ නුවරදී ආරම්භ වේ.

ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව තමා බෙහෙවින් සතුටු වන බව ඈන් මාරි මිනෝදර් මහත්මිය සඳහන් කළාය.

මෙරට මානව හිමිකම් කම්කරු අයිතිවාසිකම් පිළිබඳව අධ්‍යයනය කිරීමට සියලුම පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමටත් සෑම දෙනාටම ඇහුම්කන්දීමටත් මෙම සංචාරය යොදාගන්නා බව ඇය පැවසුවාය.

No comments:

Post a Comment

Post Bottom Ad