ෆුල්ෆේස් හෙල්මට් ගැටලුවට විසදුමක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 9, 2017

ෆුල්ෆේස් හෙල්මට් ගැටලුවට විසදුමක්?

ෆුල්ෆේස් හෙල්මට් ගැටලුවට විසදුමක්?
සම්පුර්ණ හිස් ආවරණ (Full face Helmets) සම්බන්ධයෙන් දැනට ඇතිවී ඇති ගැටලු පිලිබදව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සමග පැවති සාකච්ජාව සාර්ථකව අවසන්වූ බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පවසයි.
 
මෙම සාකච්ජාව පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති අතර මෙහිදී ෆුල් පෙස් හෙල්මට් ගැටලුව තව දුරටත් සාකච්ජා කොට ප්‍රධාන කරුණු තුනක් ඔස්සේ විසඳාගත යුතු බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
 
මෙම සාකච්ජාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර මහතා, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමසිංහ මහතා ඇතුලු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා ඇතුලු එම සංගමයේ නියෝජිතයන් මෙන්ම ප්‍රවාහන අමාත්‍යංශයේ සහ මාර්ග ආරක්ෂණ අධිකාරියේ නියෝජිතයන් පිරිසක්ද සහභාගිවී සිටියේය.
 
 
එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙම ෆුල් ෆේස් හෙල්මට් ගැටලුව සම්බන්ධයෙන් අවසන් විසදුමක් ලබාගැනීමට සදහා තව දුරටත් සකච්ජා කොට අදාල තීරණවලට එළඹිය යුතු බවයි. එහිදී මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාල සියලු පාර්ශව සමග සාකච්ජාකොට ලබන සිංහල - හින්දු අලුත් අවුරුද්දෙන් පසු අදාල තීරණ ගතහැකි බවයි. 
 
 
එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ "ප්‍රමිතිය", "ආරක්ෂාව" සහ "රටේ පවත්නා නීතිය" යන කරුණු මූලික කරගනිමින් මෙම ගැටලුව විසදීම සදහා අවශ්‍ය මූලික පසුබිම සකස්කරගත යුතු බවයි.
 
කෙසේ වෙතත් මෙහිදී වඩාත් වැදගත් වනුයේ ජනතාවගේ ආරක්ෂාව බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ජනතාවගේ ආරක්ෂාවට මුල්තැනදී නීති සැකසිය යුතු බවත් ෆුල් ෆේස් හෝ සාමාන්‍ය හෙල්මට් හෝ පැළඳිය හැක්කේ යතුරු පැදිය ධාවනය කරන අවස්ථාවේ පමණක් බවත් ඉන් පරිබාහිරව කාර්යාල, බැංකු හෝ වෙනත් ස්ථානවලට පිවිසීමේදී හෝ පෙළපාලි ආදියේදී නොපැළදියයුතු බවද මෙහිදී අවධාරණය කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad