ගම්පහින් ඡන්ද ගන්නට චතුර සේනාරත්නගේ බිරිය සමංගි අඬමින් කැන්වසින් කළ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

ගම්පහින් ඡන්ද ගන්නට චතුර සේනාරත්නගේ බිරිය සමංගි අඬමින් කැන්වසින් කළ හැටි


ගම්පහින් ඡන්ද ගන්නට
චතුර සේනාරත්නගේ බිරිය සමංගි
අඬමින් කැන්වසින් කළ හැටි


පසුගිය දිනවල අන්තර්ජාලය තුළ ‘පම්පෝරි කථා‘ නිසා පුවත් මවන්නෙකු බවට පත්වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ගැන පළවූ විවේචන අතර එකක් වූයේ ඔහු කිසිදු සම්බන්ධයක් නැති දිස්ත්‍රික්කයක් වූ ගම්පහින් මුල්වතාවෙන්ම ජයග්‍රහණය සඳහා හේතුවූ කරුණු මොනවාද
යන්නයි.

ඔහු මැතිවරණ ව්‍යාපාරය තුළ සිදු කළ ඇදහිය නොහැකි කථා ඊට හේතුවන්නට ඇති බවත් ගම්පහ අය එවැනි දේට රැවටෙන බවත් ඇතැමුන්ගේ මතය වී තිබුණි. නමුත් ඔහු මැතිවරණය ජයගන්නට පහසුවෙන් පාවිච්චි කළ තුරුම්පුවක් බවට පත්වූයේ ඔහුගේ ප්‍රියම්භිකාව වන සරුපා සමංගි මැතිවරණ ව්‍යාපාරය තුළ සිදු කළ ආකර්ෂණීය හැසිරීම බවටද ආරංචි පැවතිණි.
දැනට මාළඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරියක වන්නට ඉගෙනුම ලබන ඇය මැතිවරණ ව්‍යාපාරයේදී චතුර වෙනුවෙන් වැඩකොටසක් ඉටු කළාය.
මේ සමග පළවන වීඩියෝවෙන් දැක්වෙන්නේ එම එක් ප්‍රචාරක රැස්වීමකදී පැමිණ සිටි අයට කෑම දෙන්නට පරක්කුවීම මුල් කරගෙන ඇය හඬමින් සිය ප්‍රමාද දෝෂය සැලකර සිටි සංවේදී ආකාරයයි.

No comments:

Post a Comment

Post Bottom Ad