ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ උරුමක්‌කාරයන් පක්‌ෂය තුළ කරුමක්‌කාරයන් බවට පත් කිරීමේ සැලැස්‌ම ගැන තම විරෝධය, කනගාටුව හා පිළිකුළ ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මෙය සිරිකොතේ අවශ්‍යතාවක් මත සිදුවන මෙහෙයුමක් ලෙස විශ්වාස කරන බවත් ඒ තැන්වලට පත්ව තිබෙන අනුප්‍රාප්තිකයන් දෙස බැලීමේදී එය පැහැදිලිවම පෙනෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පක්‌ෂයේ නිර්මාතෘවරුන් තුන් හතර දෙනාගෙන් කෙනකු වන ටී. බී. තෙන්නකෝන් මහතාගේ පුත්‍රයා වන ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ඉතා වේදනාකාරී ලෙස පක්‌ෂයෙන් නෙරපා හැරීමට ගත් තීන්දුව සමාන වන්නේ පසුගිය අගෝස්‌තු 18 වැනිදා මහ මැතිවරණයට පැය 72 ක් තිබියදී පක්‌ෂයේ හා සන්ධානයේ ලේකම්වරුන් නෙරපා හැරීමට ගත් තීරණයට පමණක් යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පක්‌ෂයේ ආසන සංවිධායකවරුන් කිහිප දෙනකු පක්‌ෂයෙන් නෙරපා හැරීමේ තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්‌වීමට බොරැල්ල ආචාර්ය එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (26) පැවැති ඒකාබද්ධ විපක්‌ෂයේ මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව පැවසී ය.
Thursday, April 27, 2017
ශ්‍රීලනිප සංවිධායකවරුන් ඉවත් කළේ සිරිකොත මෙහෙයුමකින්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment