වර්තමානයේ මිනිසුන්ගේ මිනිසත්කම් කෙතරම් අයාලේ ගොස් ඇත්දැයි හෙළිවෙන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඉන්දියාවේ තිරිපුර ප්‍රාන්තයේ මවක් තම දිනක් වයසැති දරුවා ඉන්දියන් රුපියල් 50,000 කට විකුණා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි පුදුම සහගත සිදුවීම නම් තම සැමියාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ඇය එම පියවර ගැනීමයි. බොහෝ ආර්ථික අපහසුකම් මැද ජිවත් වූ ඔවුන්ට මුදලින් උපකාර කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙය සිදුකර ඇති බව පැවසේ.
මෙම සිදුවීම දැනගත් වහාම ඉන්දියන් පොලිසිය එම දරුවා සොයාගෙන ළමා නිවාසයකට බාර දී ඇති අතර අත්අඩංගුවට ගත් මවට දැඩි ලෙස අවවාද කර මුදා හැර ඇතිබව සඳහන් වේ. ඉන්දියාවේ මිනිසුන්ගේ පීඩනය කෙතරම් නම් ඉහළ ගොස් ඇත්දැයි හෙළිවන මෙම පුවත මිනිස් ජාවාරම තවමත් ලෝකයේ පවතින බවට කදිම සාක්ෂියකි.
Thursday, April 27, 2017
ඉන්දියන් රුපියල් 50,000 කට දරු සුරතල්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment