මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පත් සොයා පරීක්‍ෂණ කිරීම සදහා පත් කර ඇති ජනාධිපති කොමිසමෙන් කිසිවකුට හෝ දඩුවම් දෙන්නේ නැති බවත් සිදු කරන්නේ එම ගනුදෙනුවට සම්බන්ධ තොරතුරු සෙවීම පමණක් බවත් එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී චිත‍්‍රසිරි මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ නීතිපතිවරයා බැදුම්කර වංචාකරුවන් පෝරකයට යැවීමට කටයුතු කරන්නේ යයි පල වූ මාධ්‍ය වාර්තා ගැන අදහස් පල කරමිනි. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා නැගී සිටිමින් කියා සිටියේ බැදුම්කර වංචාකරුවන් පෝරකයට යැවීමට නීතිපතිවරයා කටයුතු කරන්නේ යයි ප‍්‍රකාශ කලේ තමන් බවත් එහි වගකීම තමන් බාරගන්නා බවත්ය.
Friday, April 28, 2017
බැදුම්කර කොමිසමෙන් කිසිවකුට දඩුවම් කරන්නේ නෑ..- බැදුම්කර කොමිසමේ සභාපති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment