පලාත් පාලන මැතිවරණය කල් යෑමේ ප්‍රධාන හේතුව ලෙස වර්තමාන පලාත් පාලන අමාත්‍යවරයා වන ෆයිසර් මුස්තාප මහතා බව ඒත්තු ගැන්වීමටත්, දැනටම යහපාලන ආණ්ඩුවට මැතිවරණ කල් දැමීම සම්බන්ධ තිබෙන චෝදනාවෙන් ගැලවිමටත්, වහාම පලාත් පාලන අමාත්‍යාංශය දයාසිරි ජයසේකර මහතාට භාරදිමට සහ ඒ සඳහා ඔහුව එකග කරවා ගැනීමට ජනාධිපතිවරාගේ කිටටුම අමාත්‍යවරයෙකු මේ දිනවල කටයුතු කරමින් පවති.
දැනට වසර දෙකකින් පමණ ප්‍රමාද වි ඇති පලාත් පාලක මැතිවරණය හේතුවෙන් යහපාලන රජයට විශාල වශයෙන් දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද දෝෂාරෝපණය එල්ලවෙමින් පවති. එමෙන්ම මේ රජය යටතේ 19 ව්‍යාවස්ථා සංශෝධනය මගින් ගෙනා කොමිෂන් සභා සම්බන්ධ ජනතාවගේ විශ්වාසය පලුදුවෙමින් ඇත්තේ මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදය දරුණු අභියෝග තිබුණ 88/89 කාලවලදි පවා නියමිත පරිදි අවශ්‍ය දිනයට හෝ ඊට ප්‍රථම මැතිවරණය පවත්වා රටේ ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂාකර ජනතාවට කැමති පාලනයක් තොරා ගැනිමට අවස්ථාව සලසා තිබීමය.
වර්තමාන පලාත් පාලන අමාත්‍යවරයා මේ වනවිටත් ප්‍රසිද්ධියේ චෝදනාවට ලක් කොට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවා පැවත්වුයේ එදා ආණ්ඩුව විසින් පත්කල මැතිවරණය සීමා නිර්න කොමිටියේ සභාපති අශෝක පිරිස් මහතා ය. ඔහු හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම දැනට ජවිපෙට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරයකි.
Friday, April 14, 2017
Home
දේශපාලන පුවත්
අලුත් අවුරුද්දේ කැබිනට් මාරුවකින් එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්.. ෆයිසර්ට ඉවතට.. දයාසිරිට පලාත් පාලනය දී මැකො හා ජවිපෙ සතුටු කරයි..
අලුත් අවුරුද්දේ කැබිනට් මාරුවකින් එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්.. ෆයිසර්ට ඉවතට.. දයාසිරිට පලාත් පාලනය දී මැකො හා ජවිපෙ සතුටු කරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment