සෙල්ලම් ලැම්බෝගිනි තෑගි කරමින් ආණ්ඩුවට කෝචෝක් දමමින් පැවැත්වූ මැදමුදන අවුරුදු උළෙල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 13, 2017

සෙල්ලම් ලැම්බෝගිනි තෑගි කරමින් ආණ්ඩුවට කෝචෝක් දමමින් පැවැත්වූ මැදමුදන අවුරුදු උළෙල


සෙල්ලම් ලැම්බෝගිනි තෑගි කරමින්
ආණ්ඩුවට කෝචෝක් දමමින් පැවැත්වූ
මැදමුදන අවුරුදු උළෙල


මැදමුලන කාල්ටන් නිවසේ දී අද (13) පැවති අවුරුදු උත්සවයක් රජයේ වැඩසටහන් නිර්මාණාත්මක ලෙස විවේචනය කරමින්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වූ බව වාර්තාවේ.

කණා මුට්ටිය බිඳීම – මහ බැංකුව බිඳීම ලෙසද බැලුන් පිපිරවීම – ගූගල් වයිෆයි බැලුන් පිපිරවීම ලෙසද පිටි මත කාසිය සෙවිම – ලැම්බෝ ගිනි
සෙවිම ලෙසද අලියට ඇහැ තැබීම – රත්තරන් අශ්වයාට ඇස තැබීම ලෙසද කඹ ඇඳීම – ආණ්ඩුවේ පක්ෂ දෙක අතර කඹ ඇදීම ලෙසද මෙහිදී නම් කර තිබුණ අතර මහ බැංකුව මහ දහවල් කැඩූ සොරා සෙවීම යනුවෙන් සැඟවුනු අමුත්තා සෙවීම නම් කර තිබුණා.

දකුණු පළාතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් මෙයට එක්ව සිටියා. ජයග්‍රහණ ලැබූ තරඟ කරුවන්ට ලැම්බෝගිනි සෙල්ලම් කාර් සහ සෙල්ලම් හෙළිකොප්ටර් පිරිනැමිම මහින්ද රාජපක්ෂ මහතා සිදු කළා.











No comments:

Post a Comment

Post Bottom Ad