උණුසුම් කාලගුණය මැයි මාසයටත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 19, 2017

උණුසුම් කාලගුණය මැයි මාසයටත්

උණුසුම් කාලගුණය මැයි මාසයටත්
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ලබන මස මුල් සතිය වනතෙක්‌ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා පවසයි. නිරිත දිග මෝසම් සුළං මෙම මස අග වන විට සක්‍රිය වනු ඇති බවත් ඒ සමඟ මෙම උණුසුම් කාලගුණ තත්ත්වය පහව යනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

අප රටට සූර්යයා මුදුන්ව පැවැතීම, සවස්‌ භාගයේ ඇද හැළීමට නියමිතව තිබූ වැසි නොවැටීම, ඉහළ අහසේ වළාකුළු අඩුවීම සහ සුළං අඩුවීම මෙම උණුසුම් කාලගුණ තත්ත්වයට හේතුවී ඇතැයි ද ලලිත් චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad