ආරක්‍ෂක ලේකම්, ජනමාධ්‍ය ලේකම් ඇතුළු අමාත්‍යංශ ලේකම්ලා 6 ක් සංස්ථා ලොක්කෝ 15 ක් නෙරපයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 29, 2017

ආරක්‍ෂක ලේකම්, ජනමාධ්‍ය ලේකම් ඇතුළු අමාත්‍යංශ ලේකම්ලා 6 ක් සංස්ථා ලොක්කෝ 15 ක් නෙරපයි..

ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ අමාත්‍යංශ ලේකම්වරුන් හය දෙනකු සහ රාජ්‍ය සංස්ථා මණ්ඩලවල අධිපතීන් 15 දෙනකු ඉදිරි දෙසතිය තුළ තනතුරැවලින් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

මෙයින් අදාළ ලේකම්වරුන්ට දැනටමත් තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස නිල නොවන මට්ටමින් දැනුම් දී තිබේ. රාජ්‍ය සංස්ථා මණ්ඩල ගණනාවක ප්‍රධානීන්ටද එම නිවේදනයම යවා ඇතැයි වාර්තා වෙයි. මේ වනවිටත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා පදනම් ආයතනය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධානීන් වෙනුවට නව ප්‍රධානීන් පත්කර ඇත. ඉතිරි ආයතන වෙනුවෙන්ද සුදුස්සන් තෝරාගෙන තිබෙන බව ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග වාර්තා කියයි.

රාජ්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයේ ද පුළුල් වෙනසක් සිදුකරමින් මාධ්‍ය අමාත්‍යංශයේ හා මාධ්‍ය ආයතන දෙකක තනතුරු වෙනස් වීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ. මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයද වෙනස් වන තනතුරු අතරවන බව සඳහන්ය. මේ හැර ජනාධිපති කාර්යාලය හා ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළම මට්ටමේ තනතුරු දෙක තුනක් සඳහා අලුත් මුහුණු එක්වීමට නියමිත යැයිද රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජර්මනියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස දැනටමත් නම්කර ඇත.

මෙසේ ඉවත් කෙරෙන ඇතැම් ආයතන ප්‍රධානීන් වෙනත් ආයතනවලට පත්කර තිබේ. කිහිපදෙනකු ජනාධිපති කාර්යාලයටද අනුයුක්ත කිරීමට නියමිතය.

– දේශය

No comments:

Post a Comment

Post Bottom Ad