පෙම්වතා සමග එක්ව ගංජා ගැසූ ජපුරේ සිසුවියට 5000 ක් දඩ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 28, 2017

පෙම්වතා සමග එක්ව ගංජා ගැසූ ජපුරේ සිසුවියට 5000 ක් දඩ

කොටුව මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ ඊයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  කළමනාකරණ

උපාධියක් හදාරන සිසුවියක පෙනී සිටියාය. ඇය කළ වරද වූයේ ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබාගැනීම සහ පානය කිරීමය.

විශ්වවිද්‍යාල සිසුවිය පසුගිය 21 වැනිදා කොල්ලුපිටිය හන්දියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක් අසල තම පෙම්වතා සමඟ ගංජා සුරුට්ටුවක් පානය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.

එම චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ ඇයගේ පෙම්වතාටද ඇයටද මහෙස්ත්‍රාත්වරිය විසින් රුපියල් පන්දහස බැගින් දඩ නියම කෙරිණි.සිසුවිය කොහුවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

No comments:

Post a Comment

Post Bottom Ad