කීර්ති නාමයට හානි කළාට නාමල්ගෙන් චන්ද්‍රිකාට නඩු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 16, 2017

කීර්ති නාමයට හානි කළාට නාමල්ගෙන් චන්ද්‍රිකාට නඩු

තමන්ගේ කීර්ති නාමයට අපහාස කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ විසින් හිටපු ජනාධිපතිනි
චන්ද්‍රිකා

බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට විරුද්ධව දිසා අධිකරණයේ නඩු පැවැරීමට තීරණය කොට ඇත.
ඩුබායි රටේ ඩොලර් මිලියන 1000ක් නාමල් රාජපක්ෂගේ නමින් බැංකුවක ඇති බවටත් හොංකොං ඇතුළු රටවල තවත් බැංකු ගිණුම් ඇති බවටත් හිටපු ජනාධිපතිනිය කරන ලද ප්‍රකාශයක් මඟින් තමන්ගේ කීර්තිනාමයට හානියක් සිදුවූ බව නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.
එසේ චෝදනා කරමින් පසුගිය පෙබරවාරි 8දා රුපියල් මිලියන 250ක වන්දියක් ඉල්ලා නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් හිටපු ජනාධිපතිනියට එන්තරවාසියක් යවා තිබිණි. සති 2ක් ඇතුළත එම මුදල ගෙවන ලෙස එම එන්තරවාසිය මඟින් දැනුම්දී තිබුණද හිටපු ජනපතිනිය එම මුදල ගෙවා නොතිබිණි. මේ නිසා ඉදිරි දෙසතිය ඇතුළත දිසා අධිකරණයේ නඩු පැවැරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටියි.

(දෙනගම ධම්මික රණවීර)

No comments:

Post a Comment

Post Bottom Ad