නීතීඥ සංගමයේ නිලවරණයේ තුන්කොන් සටනක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 15, 2017

නීතීඥ සංගමයේ නිලවරණයේ තුන්කොන් සටනක්

නීතීඥ සංගමයේ නිලවරණයේ තුන්කොන් සටනක්

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා නිලවරණය අද (15)  පැවැත්වේ. 

එම සංගමයේ 24 වැනි සභාපතිවරයා ලෙස පත්වීම සඳහා නීතීඥ අනුර මැද්දේගොඩ, නීතීඥ උදය රෝහාන් ද සිල්වා සහ ආර්. ආර්. එස්. තංගරාජා යන මහත්වරු තරඟ වදිති.

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ 24 වැනි සභාපතිවරයා තෝරා ගැනීම උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 77 කදී පැවැත්වෙන මෙම  නිලවරණයේ ඡන්දය දීමට ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකත්වය ලබා ඇති නීතීඥවරුන් 14,000 ක් සුදුසුකම් ලබා ඇති බව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් අමල් රන්දෙණිය මහතා පැවසී ය.

මෙම මැතිවරණයේ තේරීම් භාර නිලධාරීවරයා වශයෙන් සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සුහද ගම්ලත් මහතා කටයුතු කරන අතර ප‍්‍රාදේශීය තේරීම් බාර නිලධාරීන් වශයෙන් දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් හා මහෙස්ත‍්‍රාත්වරු කටයුතු කරති.

මෙම නිලවරණයේ ප‍්‍රතිපල අද දිනය තුළදීම ප‍්‍රකාශයට පත් කිරීමට උත්සහ කරන බව රන්දෙණිය මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad