ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට එක්සත් ජාතික පක්ෂය සමඟ අවබෝධයකින් යුතුව කටයුතු කිරීම බරපතළ ගැටලුවක් වී ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ප්‍රකාශ කර තිබේ.
අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතාගේ නැන්දණියට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය 12 වනදා පැල්මඩුල්ල නිවසට පැමිණීමෙන් පසුව පැවැති හමුවකදී එම ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ සාමාජිකයා හිටපු අමාත්‍ය බැසිල් මහතාට මෙලෙස අදහස් දැක්වූ බව වාර්තා වේ.
එහිදී ආණ්ඩුව හරි මාර්ගයේ නොයන බවටද ඔහු ප්‍රකාශ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
ආණ්ඩුවේ සිදුවන ඇතැම් දේ පිළිබඳ නිදහස් පක්ෂයේ අය නොදන්නා බවත් අමාත්‍යාංශවල කටයුතු කිරීමේදී ඇතිවන ගැටලු පිළිබඳවත් නිදහස් පක්ෂයේ එම ජ්‍යෙෂ්ඨ සාමාජිකයා කලකිරීමෙන් යුතුව අදහස් ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ.
අදාළ හමුව පැවැති අවස්ථාවේ අමාත්‍යවරුන් වන ජෝන් සෙනවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රංජිත්ද සොයිසා, ජානක වක්කුඹුර, කාංචන විජේසේකර, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.
No comments:
Post a Comment