මැලේසියාවේදී ඝාතනයට ලක්වූ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ සහෝදරයා වු කිම් ජෝන්ග්-නාම්ගේ මෘත ශරීරය භාරගැනීමට මෙතෙක් කිසිදු ඥාතියෙකු ඉදිරිපත්ව නොමැති බව එරට රජය සඳහන් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
විෂ ශරීරගත කරවීමක් හරහා දැනට මසකට පමණ පෙරදී මැලේසියාවේ ක්වාලලම්පූර් ගුවන් තොටුපොළේදී කිම් ජෝන්ග්-නාම් ඝාතනයට ලක් වු බවද මාධ්‍ය වාර්තා කර තිබුණී. මෙ වන විට මැලෙසියාවේ ක්වාලලම්පූර් නුවර මෘත ශරීරාගාරයක දැඩි ආරක්ෂක රැකවල් යටතේ තැන්පත් කර ඇති නාම්ගේ සිරුර භාරගැනීම සඳහා තවත් සති දෙක තුනක කාලයක් ඔහුගේ ඥාතීන්ට ලබාදෙන බව පවසන මැලේසියානු රජය ඉන් පසුව ඒ සම්බන්ධයෙන් අවසන් පියවරක් ගන්නා බව අවධාරණය කර ඇති බව සඳහන්.
උතුරු කොරියානු රජය මුල සිටම මෘත ශරීරය ඉල්ලා සිටි අතර, මෙම මරණය සම්බන්ධයෙන් ඇති වූ මතභේදමත එය මෙතෙක් සිදු නොකෙරිණි.
Tuesday, March 14, 2017
කිම් ජෝන්ග්-නාම්ගේ මෘත ශරීරය භාර ගැනීමට කිසිවෙකු නෑ..
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment