රට සවාරියක් නිසා වෘත්තීය සමිති සන්ධානයේ මත ගැටුම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 7, 2017

රට සවාරියක් නිසා වෘත්තීය සමිති සන්ධානයේ මත ගැටුම්

රට සවාරියක් නිසා වෘත්තීය සමිති සන්ධානයේ මත ගැටුම්

චීන සංචාරයකට වෘත්තීය සමිති නායකයන් තෝරා ගැනීමේ ගැටළුවක් මුල් කර ගනිමින් ජාතික වෘත්තීය සමිති සන්ධානයේ සමිති අතර බරපතල මත ගැටුමක් හටගෙන ඇතැයි වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි.

හෙද සේවය, තැපැල් සේවය සහ දුම්රිය සේවය නියෝජනය කරන වෘත්තීය සමිති තුනක පිරිසක් ඒ සඳහා තෝරාගෙන ඇතැයි ද, තෝරා ගත් පිරිස අතර විශ්‍රාමිකයකු පවා සිටින බව ද එම ආරංචි මාර්ග කියයි. 

වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රභලයකු වන පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සහ වරායට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනකු මෙම තෝරා ගැනීම  දැඩි විරෝධය පළ කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

විදෙස් ගත වන පිරිස තේරුවේ වෘත්තිය සමිති නායකයන්ගෙන් විමසා බවත් මෙය සාමාන්‍ය සිදුවීම් බවත් මෙම චෝදනා සම්බන්ධයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රන්ප්‍රිය මහතා පැවසී ය.

මාධ්‍යවල වාර්තා කිරීමට තරම් මෙය ප්‍රවෘත්තියක් නොවන බවත් සඳහන් කළ සමන් රත්නප්‍රිය මහතා මේ ගැන මාධ්‍ය නිවේදනයක් දැමීමට තරම් පෞර්ශයක් චෝදනා කරන පිරිසට නැතැයි ද කියා සිටියේය.

විදෙස් සංචාරය සඳහා ප්‍රතිපාදන ලැබෙන්නේ කොහෙන්දැයි විමසූ විට ඔහු සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයකින් ප්‍රතිපාදන ලැබෙන බවයි.  

No comments:

Post a Comment

Post Bottom Ad