බංග්ලාදේශයේ චිතගොං නගරයේ පිහිටි ආසියානු කාන්තා විශ්වවිද්‍යාලයේ අනුශාසක මණ්‌ඩලය සඳහා එක්‌වීමට එම විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් පිළිගෙන ඇතැයි වාර්තා වේ.
Bill and Melinda Gates moku" Open Society පදනම, IKEA පදනම වැනි හවුල්කාරීත්වයන් සහ කලාපීය සහයෝගිතාවෙන් ගොඩනගන ලද ආසියානු කාන්තා විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ලිබරල් කලා උපාධි වැඩසටහන තුළින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු සහ මැදපෙරදිග රාජ්‍යයන් 15 ක කුසලතා පූර්ණ කාන්තාවන් හට සේවා පදනම් කර ගත් නායකත්වයේ මාවත විවර කර දීම සඳහා කැප වෙයි.
විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් විවිධ සමාජ පසුබිම්වලට අයත් අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් විශ්වවිද්‍යාල වරම් හිමිකර ගත් පවුලේ පළමු සාමාජිකයන් වීමද විශේෂත්වයකි.
No comments:
Post a Comment