ශ්‍රීලංකාව කෘෂිකාර්මික රටක් ලෙස රටේ ජනතාවගෙන් වැඩි දෙනෙකු කෘෂිකර්මය ආශ්‍රිතව තම ජීවන තත්ත්වය නගාලීමේ කාර්යය නියලි ඇත. නිදහස් ශ්‍රීලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩි එස් සේනානායක මහතා කෘෂිකර්ම ඇමතිවරයා ලෙස පොලොන්නරුව ගල්ඔය ගොවි ජනපද බිහිකිරීම ඇතුළුව ආරම්භ කල වැඩපිළිවෙළ වරින් වර හිටපු කෘෂිකර්ම ඇමතිවරුන් විසින් රටට අවශ්‍ය සහල් මෙන්ම අනිකුත් සියලු භෝග වගා කොට ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට අවශ්‍ය විශාල වැඩ කොටසක් සිදු කරන ලදි.
බත්තරමුල්ල රජමල් වත්තේ පිහිටි ගොවිජන මන්දිරයේ ලෙස නම් කොට ඇති රටේ සමස්ථ ගොවි ජනතාව වෙනුවෙන් ඔහුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස ඉදිකල විශාල ගෙවත්තක් සහිත ගොඩනැගිල්ල රජයේ මෙතෙක් ඉටුකර ගත නොහැකි කාර්යයක් වූ ව්‍යවස්ථා සභාවට ලබාදීමට එකගව කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යෑමට තීරණය කිරිමයි.
ඒ වෙනුවෙන් යහපාලන ආණ්ඩුවේ නොහැකියාව මෙන්ම කෘෂිකර්මය ඇමති දුමින්ද දිසානායක මහතා ඒ සඳහා ලබාදි ඇති ජාතික වැදගත්කම මෙයින් පැහැදිලිව විදහා දැක්වේ. අපේ රටේ දුප්පත්ම ජනතාව නියෝජනය කරන අහිංසක ගොවි ජනතාව වෙනුවෙන් අවම මට්ටමේ හෝ ගොවියාට ඇතුළුවිය නොහැකි ගොඩනැගිල්ලක් ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අමාත්‍යාංශය පිහිටුවීමට සඳහා හදිසියේම තෝරා ගැනිමයි. එමෙන්ම අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙසා විශාල මුදල් නාස්තියක් සිදු වූයේ අමාත්‍යාංශයේ නිලධාරින්ගේ වරදින් බවයි.
ගොවි ජනතාවගේ කාර්යය සඳහා අවශ්‍ය මූලික පහසුකම් වත් සැපයිය නොහැකි රාජගිරියේ ගෙවත්තක් හෝ අඩුම තරමේ නැති තට්ටු 8 ක ගොඩනැගිල්ලක් තොරා ගැනිමත් ඒ සඳහා වසර 5 කට නියමිත රජයේ ටෙන්ඩර පරිපාටියෙන් තොරව මසකට රුපියල් ලක්ෂ 210 ක කුලියට වැට් රහිතව ( එනම් 15% වැට් තවත් ලක්ෂ 32ක් එකතුව ලක්ෂ 252 කකි ) ලබාගැනිම හරහා විශාල වංචාක් මෙන්ම ජනතාවගේ මුදල් නාස්ති කර දැමීමකි.
පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ සිට මෙම ගොඩනැගිල්ලට ජනතාවගේ මුදල් රුපියල් ලක්ෂ 250 අධික කුලියක් කිසිම ප්‍රයෝජනයක් නැතිව ගෙවා ඇති අතර මේ වනවිට රටේ ගොවියා නියගයෙන් මෙන්ම පොහොර සහනාධාර කපා දැමිම හමුවේ අන්ත අසරණ වී ඇත.
මෙයට විරෝධය පෑමක් පසුගිය දා ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කොට තිබු අතර එහිදි රටේ ගොවි ජනතාව නියෝජනය කරමින් විශාල පිරිසක් පැමිණ එම දූෂිත ගනුදෙනුව හරහා ලබා ගත් ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවයක් පල කල අතර පොලිසිය මැදිහත් වී විරෝධ කරුවන් විසුරුවාලීමට කටයුතු කලේය.
මූලාශ‍්‍රය මෙතනින්
Thursday, March 9, 2017
Home
දේශපාලන පුවත්
රජයේ මුදල් ලක්ෂ 2520ක් වසරකදි ගොඩනැගිල්ලක් වෙනුවෙන් අපතේ යැවීම කෘෂිකර්ම ඇමති පිලිගනි…
රජයේ මුදල් ලක්ෂ 2520ක් වසරකදි ගොඩනැගිල්ලක් වෙනුවෙන් අපතේ යැවීම කෘෂිකර්ම ඇමති පිලිගනි…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment