සිසුවකුගේ කණ පැලු සබරගමු සරසවි සිසුන් තිදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 23, 2017

සිසුවකුගේ කණ පැලු සබරගමු සරසවි සිසුන් තිදෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසියි


සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනකු එම සරසවියේ එම වසරේම සිසුවෙකුගේ කණ පැලෙන්න පහරක්
දී මාස ගණනාවක්
යනතුරු රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්නට සිදුවූ සිදුවීමක් නිසා ඔවුනගේ ශිෂ්‍යභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පරිපාලනය තීරණය කර ඇත.
පසුගිය නොවැම්බර් මාසයේ ශිෂ්‍ය නියෝජිත රැස්‌වීමකට සහභාගි නොවූ හේතුවක් මත බහින්බස්වීමක් ඇතිවී පසුව ගුටිබැට හුවමාරුවකට ගොස් මෙම විපැත්තිය සිදු කර තිබේ. සබරගමු  විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඡේ. එල්. එච්. නවංග, ඡේ. ඩී. ලයාන් රූපසිංහ හා පී. කේ. එරංග යන සිසුන් තිදෙනෙකුගේ ශිෂ්‍යභාවය මෙලෙස අහෝසි කර තිබේ.
පහර කෑමට ලක්‌වූ සිසුවා දෙබරවැව ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad