තමන්ට එල්ල වන බලපෑම් ගැන කුසල්ගෙන් හෙළිදරව්වක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

තමන්ට එල්ල වන බලපෑම් ගැන කුසල්ගෙන් හෙළිදරව්වක්..

නවක ක්‍රීඩකයකු ලෙස කණ්‌ඩායමේ කිසිම පීඩනයක්‌ තමාට ලබා නොදී ඇති බවත් නිදහසේ ක්‍රීඩා කිරීමට හැම විටම අවස්‌ථාව ලබාදී ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 03 පිතකරු වු කුසල් මෙන්ඩිස්‌  මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

”ඇත්තටම මට කිසිම දවසක මේ දේ කරන්න ඕන කියල කවුරුත් කියල නැහැ. මට ලකුණු මෙච්චරක්‌ අනිවාර්යෙන් ගහන්න ඕන කියල කියලත් නැහැ. මට කරන්න පුලුවන් දේ උපරිම නිදහසේ කරන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහ තේරීම් කමිටු නිලධාරීන් අවස්‌ථාව දීල තියෙනවා. ඒක මගේ මානසිකත්වයට ඉතාමත් හොඳයි.” කුමාර් සංගක්‌කාරගෙන් පසුව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ අංක තුන පිතිකරු ස්‌ථානය සඳහා කුසල් මෙන්ඩිස්‌ව යෙදවීමට කණ්‌ඩායම් කළමනාකාරීත්වය තීරණය කළේය. සංගක්‌කාර වැනි ක්‍රීඩකයකු ක්‍රීඩා කළ ස්‌ථානයක ක්‍රීඩා කිරීමේදී තමාට ඇති වගකීම කුමක්‌ද යන්න තමා හොඳින් දන්නා බවද මෙන්ඩිස්‌  මෙහිදි සඳහන් කර තිබේ.


”මම පාසල් කාලයේ ඉඳල ක්‍රීඩා කළේ අංක දෙක හෝ තුන ස්‌ථානයේ. ඉතින් මමත් ආශාවෙන් බලා හිටපු ස්‌ථානයක්‌ තමයි අංක තුන ස්‌ථානය. දැන් මට ඒ තැන ලැබිල තියෙනවා. මම දැනගන්න ඕන ඒ ස්‌ථානයේ ක්‍රීඩා කරල කණ්‌ඩායමට ලබා දියයුතු උපරිමය ලබාදීල රට දිනවන්න. මම හැම වෙලාවෙම බලන්නෙ ලකුණු පනහක්‌ ගැහැව්වොත් සියයක්‌ ගහන්නෙ කොහොමද කියලා. ඒ වුණත් අපි කණ්‌ඩායම දිනවන්න කරන්න ඕන උපරිමය කරන්න හැමවෙලේම මහන්සි ගන්නවා.”


ජාතික කණ්‌ඩායමට තේරීමෙන් පසු තමා ක්‍රීඩා කරන තෙවැනි විදෙස්‌ සංචාරය මෙය බවත් දකුණු අප්‍රිකානු සංචාරයේදී අනෙක්‌ සංචාරවලට වඩා අභියෝගාත්මක තණතීරු සහ පන්දු යවන්නන් හමු වූ බවත් මෙන්ඩිස්‌ මෙහිදි සඳහන් කළේය. ”දකුණු අප්‍රිකාවේ තණතීරු එකිනෙකට වෙනස්‌ බව මෙහෙ එනකොටම අපි දැනගෙන හිටියා. පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් දකුණු අප්‍රිකානු ජාතිකයෙක්‌ හින්ද ඔහු කණ්‌ඩායමේ හැමෝටම මෙහි තත්ත්වය කියල දීලයි තිබුණෙ. පන්දුව එන ආකාරය ගැනත් අපි දැනගෙන හිටියා. 


නමුත් අවාසනාවකට ටෙස්‌ට්‌ තරගාවලියේදී අපිට පිතිකරුවන් ලෙස සාර්ථක වෙන්න බැරි වුණා. නමුත් විස්‌සයි විස්‌ස තරගාවලියේදී දකුණු අප්‍රිකානුවන්ව පරාජය කළා. දැන් තියෙන්නෙ එක්‌දින තරගාවලිය. මේ තරගාවලියේදී පිතිකරුවකු ලෙස කණ්‌ඩායමට මගෙන් ලබා දිය යුතු උපරිමය කරන්නත් ඉතිරි තරග ටික ජය ගැනීමට උපරිම දායකත්ව ලබාදෙන්නත් මම ඉතාමත් උනන්දුවෙන් පුහුණුවීම් කරනවා.”

No comments:

Post a Comment

Post Bottom Ad