ඉඩම් ගන්න ඉඩම් බැංකුවක් – මෙන්න ලංකාවේ අලුත්ම බැංකුව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

ඉඩම් ගන්න ඉඩම් බැංකුවක් – මෙන්න ලංකාවේ අලුත්ම බැංකුව

අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහන සඳහා ඉඩම් ලබා දීමට යටතේ ‘ඉඩම් බැංකුවක්’ ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මෙ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ. මහා භාණ්ඩාගාරය යටතේ සීමාසහිත පොදු සමාගමක් පිහිටුවීමත්, එම කාර්ය ඒකකය වෙත වෙන් කර දෙනු ලබන සියලුම් ඉඩම් සඳහා ‘ඉඩම් බැංකුවක්’ ස්ථාපිත කිරීමත් එමගින් යෝජනා කර තිබෙනවා.

අඩු ආදායම්ලාභී පවුල් සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස හිමිකාරිත්වය ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ නිවාස 620,000ක් 2019 වසර වන විට ඉදි කිරීමට රජය අපේක්ෂිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad