ට්‍රම්ප් මුස්ලිම් රටවලට එරෙහිවීම නිසා ‘ඇමෙරිකාවේ සිරවුණු බව කී ලාංකිකයන්ගේ’ ඇත්ත කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

ට්‍රම්ප් මුස්ලිම් රටවලට එරෙහිවීම නිසා ‘ඇමෙරිකාවේ සිරවුණු බව කී ලාංකිකයන්ගේ’ ඇත්ත කතාව

අමෙරිකාවේ කෙනඩි ගුවන් තොටුපොළේ ශ්‍රී ලාංකිකයන් ඇතුළුව 71 දෙනෙකු එරටට ඇතුළු වීමට නොහැකිව සිටින බවට විදෙස් මාධ්‍ය විසින් වාර්තා පළ කර තිබුණා.

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහේෂිනී කොළොන්නේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති සේවය උපුටා දක්විමින් ට්විටර් නිවේදනයකින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුත් ඇමෙරිකාවේ කිසිඳු ගුවන් තොටුපොළක ට ඇතුළුවීමට නොහැකිව නොසිටින බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රටවල් හතක ජනතාව සඳහා එරටට ඇතුළුවීමට තහනම් කිරීමත් සමග ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20කට අයත් පිරිසක් ජෝන් එෆ් කෙනඩි ගුවන්තොටුපොළේ සිටින බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad