මාක් සකර්බර්ග්ට ඩොලර් මිලියන 500ක වන්දියක් ගෙවීමට නියම වෙයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

මාක් සකර්බර්ග්ට ඩොලර් මිලියන 500ක වන්දියක් ගෙවීමට නියම වෙයි!

වෙනත් සමාගමක් Virtual Reality තාක්ෂණය නීති විරෝධී අයුරින් ෆේස්බුක් සමාගම යොදා ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 500ක වන්දියක් ගෙවීමට ෆේස්බුක් සමාගම හා තවත් විත්තිකාර පාර්ශ්වයන්ට නියම වී තිබේ.

සිනෙමැක්ස් නැමැති සමාගමට අයත් Virtual Reality තාක්ෂණය නිති විරෝධි අයුරින් භාවිත කිරිමට එරෙහිව සිනෙමැක්ස් සමාගම විසින් ෆේස්බුක් ආයතනය හා තවත් පාර්ශ්වයන්ට එරෙහිව ගොනු කළ තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් ඇමෙරිකානු අධිකරණයක් ඉහත වන්දි මුදල ගෙවන ලෙසට නියෝග කරනු ලැබීය.

නඩුවේ තවත් විත්තිකරුවෙකු බවට පත්ව තිබුණි ඔකුලස් සමාගම පවසන්නේ එම තීන්දුවට එරෙහිව අපෑලක් ඉදිරිපත් කරන බවයි. සිනෙමැක්ස් සමාගම විසින් නිර්මාණය කරන ලද පරිගණක ඛෙතයක් ඔකුලස් සමාගම යොදාගෙන ඇති බවට තහවුරු වී තිබේ. ඔකුලස් සමාගම 2014 වසරේදී ෆේස්බුක් සමාගම විසින් මිලදී ගෙන තිබේ.


 

No comments:

Post a Comment

Post Bottom Ad