මහෙස්ත්‍රාත්වරයෙකු සේවයෙන් පහ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

මහෙස්ත්‍රාත්වරයෙකු සේවයෙන් පහ කරයි

මහෙස්ත්‍රාත්වරයෙකු සේවයෙන් පහ කරයි
ලංකා අධිකරණ කේෂ්ත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිවිල් සංවිධානයක් සිදුකළ පැමිණිල්ලක් අනුව මහෙස්ත්‍රාත්වරයෙකු මහෙස්ත්‍රාත් ධූරයෙන් ඉවත් කොට ඇත.  මෙසේ ඉවත් කොට ඇත්තේ කොළඹ 10, වතුර ටැංකිය පාරේ ව්‍යාජ ලිපිනයකින් අධිකරණ සේවයේ පත්වීම් ලැබූ ඩී.එම්.ඒ.අයි.දිසානායක නම් 2 වන පන්තියේ 1 ශ්‍රේණියේ අධිකරණ නිලධාරි (මහෙස්ත්‍රාත්වරයා) ය. 

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් මහේස්ත්‍රාත්වරයා ගේ පත්වීමට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.  එම පැමිණිල්ල මගින් දක්වා තිබුණේ 1. මොහු කොළඹ 10, වතුර ටැංකිය පාර, අංක 73/1 දරණ ස්ථානය ව්‍යාජ ලිපිනයක් ලෙස භාවිත කරමින් අධිකරණ සේවයට අයදුම් කොට ඇති බව,   2. දිගු කලක් ක්‍රියාකාරී දේශපාලයේ සෘජුව නිරතවී සිට ඇති බව   3. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමේ කුප්‍රකට දෝෂාභියෝග ක්‍රියාවලියේ දී එයට පක්ෂපාතී ලෙස දේශපාලන රැස්වීම් සංවිධානය කිරීම, 4. ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ පොදු තීරණයට එරෙහිව ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම සදහා වන මෙහෙයුමේ ක්‍රියාකාරී ලෙස සහභාගිවීම යන කරුණුය. 

මහෙස්ත්‍රාත් පත්වීම් ලැබූ අසංක දිසානායක තම මුහුණු පොතේ අතිශයින් දේශපාලනික සටහන් පළ කරමින් දේශපාලන කටයුතු නිරතවන බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍රය වෙනුවෙන් කීර්ති තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ පෙත්සමේ දැක්වේ. 

තෙන්නකෝන් මහතා ගේ පෙත්සමේ තවදුරටත් දැක්වෙන්නේ, 

‘’මෑත  ඉතිහාසයේ අධිකරණ ක්ෂේත්‍රයේ සිදුවූ බඳවාගැනීම් අතරින් සාපේක්ෂව ස්වාධීන හා විනිවිධ භාවයකින්  යුතු බඳවා ගැනීමක් බව පෙනී යයි. මහේස්ත්‍රාත්වරුන් පත් කිරීමේ ක්‍රියාවලිය සහ සුදුස්සන්  පත් කර  ගැනීම විශාල වැදගත් කමක් උසුලන්නේ පසුගිය සමය තුලදී  නීතියේ ආධිපත්‍ය සහ අධිකරණ පද්ධතිය බරපතල දුෂණය වීමකට ලක්වීමක් සිදුව තිබු නිසා සහ යලි එම තත්වයන් නිවැරදි කර ගැනීම පිලිබඳ විශාල බලාපොරොත්තුවක් අපි හැම දෙනා  තුලම පවතින නිසාය.  
විශේෂයෙන් එකී අපේක්ෂාවන් යලිත් වතාවක් උල්ලංගනය වුවහොත් දේශපාලඥයන් පිළිබඳව හෝ ආණ්ඩු පිලිබඳ ජනතාවගේ විශ්වාසයන් පලුදු වීම මෙන් නොව නීතියේ ආධිපත්‍ය සහ අධිකරණ පද්ධතිය පිලිබඳ විශ්වාසය බිඳ වැටීම රටට අතිශයින්ම අහිතකර බව අපි සියලු දෙනා හොඳින්ම දනිමු.  අනික් අතට දේශපාලන ක්‍රියාවලිය තුල අතෘප්තියට පත් වන්නාවූ බහුතරයක් ජනතාවගේ අවසාන බලාපොරොත්තුවත් නීතියේ සමානතාවය හා අධිකරණයේ ස්වාධීනතාවය වන නිසා මෙම තත්වය වඩාත් වැදගත් වේ.

අදාළ මහෙස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය  අධිකරණ සේවා කොමිෂන් සභාවට වාචිකව පැමිණිලි කොට තිබුණි. ලිඛිත පැමිණිල්ලක් පසුව ලබා දෙන බව ප්‍රකාශ කොට තිබූ නමුත්,  අධිකරණ කේෂ්ත්‍රයේ ප්‍රභලයෙකු ගේ මැදිහත්වීම මත එම පැමිණිල්ල ලිඛිත ඉදිරිපත් කිරීම සිදු නොවීය.   

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා ද වන කීර්ති තෙන්නකෝන් මහතා පැවසූවේ 'අධිකරණ ප්‍රතිසංස්කරණ සදහා වූ දීර්ඝ අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස මෙම ඉවත් කිරීම සැලකිය හැකියි.  අධිකරණයේ ස්වාධීනත්වය සදහා අප දීර්ඝ, කටුක ගමණක් පැමිණ තිබෙනවා.  එය අතීතයේ සෑම විටම අවසන් වුනේ අමිහිරි, කටුක සහ අප්‍රසන්න අත්දැකීම් සමගින්.'  අවසානයේ අප තීරණාත්මක ජයග්‍රහණයක් ලබා තිබෙනවා.' 

1977 න් පසුව සමාජ ක්‍රියාකාරිකයෙකු ගේ පැමිණිල්ලක් මත මහෙස්ත්‍රාත්වරයෙකු අධිකරණ සේවයෙන් ඉවත් කළ පළමු අවස්ථාව මෙයයි.  

No comments:

Post a Comment

Post Bottom Ad