සයිටම්ට එරෙහි උද්ඝෝෂණ වලට අධිකරණයෙන් තහනමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 2, 2017

සයිටම්ට එරෙහි උද්ඝෝෂණ වලට අධිකරණයෙන් තහනමක්

කොළඹ ස්ථාන ගණනාවකදී මහජනතාවට පීඩා වන පරිදි රැස්වීම් හා උද්ඝෝෂණ කිරීම වළක්වාලමින් කොළඹ අතිරේක මහසේත්‍රාත් අධිකරණය අද කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයට නියත ආඥාවක් නිකුත් කළේ ය. කැලණි වෛද්‍ය පීඨය ඇතුළු ශිෂ්‍ය සංගම් 15ක් කොටුව දුම්රිය ස්ථානය, ලිප්ටන් වටරවුම, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන කිහිපයකදී අද පස්වරු 12ට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට  සූදානමක් ඇති බබවට අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු  මෙම නියත අඥාව නිකුත් කර තිබේ.

මෙම උද්ඝෝෂණය සැලසුම් කර ඇත්තේ, අභියාචනාධිකරණය පසුගිය දා සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවට එරෙහිව ය. ඒ අනුව මහජනතාවට හිරිහැරයක් වන පරිදි කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ අතිරේක මහසේත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කළේ ය. නියත අඥාවක් නිකුත් කිරීමෙන් පසු එය කඩ කරන ඔනෑ ම අයෙක් කිසිදු වග විභාගයකින් තොරව අත්අඩංගුවට ගෙන අධිකණය ට හමුවට ඉදිරිපත් කිරීමට පොලීසියට බලය හිමි වේ.

No comments:

Post a Comment

Post Bottom Ad